මිණීපුර විජය මහා විද්‍යලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

මධ්‍යම පළාත් මතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව කාලපයේ ලග්ගල අධ්‍යාපන කොට්ඪාසයේ පිහිටි මෙමෙ පාසල වර්ෂ 1956 දි පමණ කළුගම්පියසේ ගොමහන්දිය නම් ස්තානයේ කුඩා මඩුවක ආරම්භය කරන ලදී. ඉන්වසුව හත්තොටඅමුණ ගොවි ජනපදය ආරභවිමත් සමග දැනට විද්‍යාලය පවතින දාස්ගිරිය මවු පියසට ගෙනවිත් ඇත.ප්‍රදේශසින් සියළු දෙනාගේ උත්සාහයයෙන් හා කැපවිමෙන් ඉලුක් හා පොල් අතුසෙවිලි කරන ලද අඩි 20 x 25 පමණ වු ගොඩනැගිල්ලක් ආරභ කරන ලද අතර එහි මුල් ගුරැවරිය ලෙස තෙන්නකොන් නැමති ගුරු මහත්මිය කටයුතු කල බව දැනගන්නට ඇත.

වර්ෂ 1957 දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව මෙමෙ පාසල කලුගග කනිෂ්ඨ විද්‍යාලය නමින් නම් කරන ලදී. පසුව වර්ෂ 1962 දී පමණ විද්‍යාලයට අක්කර 21/2 පමණ භූමි ප්‍රමාණයක් හා ස්තීර ගොඩනැගිල්ලක් ලබා දීමට කටයුතු කර ඇත. 1970 දශකයේදි මහා විද්‍යාලයක් බවට පත් වූ මෙමෙ පාසල අවට ඉඩම් අත්කර ගනිමින් අක්කර 41/2 පමණ භූමි භාගයකට හිමිකම් කියන ලදී.

සිසුන් 14 දෙනෙකුගෙන් පමන ආරම්බ කරන ලද මෙම පාසල1990 දශකය වන විට සිසුන් දහසකට ආසන්න පාසලක් බවට පත් විය.හත්තොට අමුන හා අග්‍රබෝදි යන විද්‍යාල ආරම්බ වීමත් සමග ශිශ්‍ය සංක්‍යාව කමෙන් කෙමෙන් අඩුවීමට පටන් ගන්නා ලදී.

1990 දශකයේ මුල් භාගයේදි මෙම ව්ද්‍යාලය මප/විල් මිණීපුර විජය මහා විද්‍යලය නමින් හදුන්වන්නට විය.වර් තමානය වන විට සිසුන් 400 ක් පමණ සිප් සතර හදාරනු ලබන මෙමෙ පාසල 2013 වර් ෂයේ සිට මොරගහාකන්ද සංවර් ධන ව්‍යාපෘතිය යටතේ සංවර් ධන වෙමින් පවති.ප්‍ර්ට විදුහල්පතිවරැන් දෙනෙකු මෙම පාසලේ කටයුතු කර ඇති අතර වර් තමානය විදුහල්පති ජි ඔ එල් අල්විස් මහත 27 වෙනි විදුහල්පති වශයෙන් 2021 වර් ශයේ සිට මෙමෙ පාසලේ කටයුතු කරනු ලැබේ.