මිණීපුර විජය මහා විද්‍යලය

Children's Day Celebration

Teacher's day celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ජි.ඕ.එල්. අල්විස්

ආයතනයක යහපැවැත්ම  උදෙසා එය දිශාගත කිරීමේ සුවිදශේෂී කාර්යභාරය නිවැරදි සැලසුම්කරණය හා ප්‍රතිපත්ති සම්පාදනය මත පදනම් වේ.කුසලතවයන්ගෙන් හෙබි හෙට දිනන දුර දකින දරැ පිරිසක් බිහිකරලිම දැක්ම කොටගෙන ජාතික  අධ්‍යාපනය අරමුණූ සාක්ෂාත් කරගැනීම සදහා මප/විල්/මිණිපුර විජය මහා විද්‍යාලය අනාගතය කරා මෙහෙයවන කටයුතු කරමින් ඇත.

පාසල නමැති ආයතනික රාමුව තුළ විදුහල්පති,ගුරුවරු,ශිෂයයන් හා ආශ්‍රිත ‍ප්‍රජාව ඇතුලු සියලු දෙනා එකි දැක්මක් ඔස්සේ කැපවීම පෙරදැරි කාටගෙන අභිමත අරමුණූ  සඵල කරගැනීම සදහා අවශ්‍ය  හා අනෙකුත් මානව සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීමට අපේක්ෂා කරමි.  එමගින් ගුණාත්මක අධ්‍යාපන ලබා දීම පදනම් කොට ගත් විශිෂ්ට පාසල් පද්ධතියක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරයි.

ඒ යටතේ දැනුම,ආකල්ප,කුසලතා හා වටිනාකම් සාක්ෂාත්කරණයටත් එමගින් පුර්ණ විෂයමාලාදවන් ද අපේක්ෂිත  සියලු නිපුණතා හා විභව්‍යතා දරැවන්ට අත්පත් කර දීමටත් අපේක්ෂා කරමි. දැනුමෙන් පුපුරා යන අනාගත ලෝකයට මිණිපුර විජය දරැවන් තාක්ෂණ ඥාණයන් ද භාෂාමය විශිෂ්ටත්වයන්ගෙන් ද සන්නද්ධ කොට බලගන්වන ලද ආත්ම විශ්වසයකින් යුක්තව මුහුණ දිම සඳහා අවශ්‍ය වැඩ පිලිවෙළ ද සැලසුම කර ඇත. 

අපගේ නව වෙබ් අඩවිය ඒ සඳහා මහගු පිටිවහලක් වේ. එය හුදෙක් තොරතුරු වලට වඩා සිසුන්ගේ ජයග්‍රහණ ඉස්මතු කළ හැකි තෝතැන්නකි.

ජි.ඕ.එල්. අල්විස්
විදුහල්පති
මප/විල්/මිණිපුර විජය මහා, විද්‍යාලය .